කොළඹ - නුවර පාර කඩුගන්නාවෙන් යළි විවෘතයි

කොළඹ - නුවර පාර කඩුගන්නාවෙන් යළි විවෘතයි

August 4, 2026   06:55 am

ගල් පෙරළීමක් හේතුවෙන් කඩුගන්නාව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබේ.

ඊයේ (03) පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයට ගල් පෙරළීමක් සිදුවූ අතර, ඒ හේතුවෙන් ගනේතැන්න සහ කඩුගන්නාව අතර මාර්ග කොටස තාවකාලිකව වසා දැමීමට පොලීසිය කටයුතු කළේය.

අනතුරුව කාලගුණික තත්ත්වය යහපත් වීමත් සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදුන් නිර්දේශ අනුව අද පෙරවරු 6.00 සිට එම මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කළ බව පොලීසිය සඳහන් කළේය.