පස් කන්දක් කඩා වැටී අතුරුදන්ව සිටි සියලුදෙනාගේම සිරුරු සොයාගනී
August 3, 2026 10:04 pm
හැටන්, ගිනිගත්හේන පොල්පිටිය ප්රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අනතුරට ලක්ව අතුරුදන්ව සිටි පුද්ගලයින් සිව්දෙනාගේම මෘත ශරීර සොයාගත් බව පොලිසිය පවසයි.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ නායයෑම් තත්ත්වයක් හේතුවෙන් මෙම ඛේදවාචකය සිදුව තිබුණි.
අනතුරින් අතුරුදහන් වූවන් සෙවීම සඳහා ක්රියාත්මක කළ සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී පළමුවෙන් එක් කාන්තාවකගේ සිරුර සොයාගෙන තිබුණි.
පසුව තවත් කාන්තාවන් දෙදෙනෙකුගේ සහ පිරිමි පුද්ගලයෙකුගේ සිරුරු සොයාගත් බව පොල්පිටිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
