කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

කඳන ජල පවිත්‍රාගාරයෙන් ජලය සැපයෙන ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

August 3, 2026   07:32 pm

කඳන ජල පවිත්‍රාගාරයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (04) දිනයේ ප්‍රදේශ රැසක ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ සහ කාලසීමාව පහත පරිදි වේ.

*මොරටුව (පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා - පැය 5ක්)
කොරලවැල්ල, කටුකුරුන්ද, මෝදර, මාදම්භහවන්ත, පොල්වත්ත, ශ්‍රීයා පෙදෙස, ක්ලෝ වියස් මාවත, ගුණවර්ධනරාම පාර, ලේක් වලා, ශාන්ත පීතර පටුමග, පී. එම් ප්‍රනාන්දු මාවත, පහවිදාන මාවත, ජනජය පාර, ශාන්ත පීතර පාර, ෆැරන්සිස්කෝ පෙදෙස, එගොඩඋයන සහ මෙල්විල් වත්ත.

*පානදුර (පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා - පැය 5ක්)
පානදුර, කිරිබෙරිය, හිරණ, කෙසෙල්වත්ත සහ පින්නවත්ත.

*බණ්ඩාරගම (පෙ.ව. 9.00 සිට රාත්‍රී 9.00 දක්වා - පැය 12ක්)
බණ්ඩාරගම, රයිගම, මිල්ලෙණිය, වල්මිල්ල, කිදෙල්පිටිය, අළුබෝපුල්ල සහ මොරොන්තුඩුව.

*හොරණ (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා - පැය 5ක්)
හොරණ, මදුරාවල සහ පෝරුවදණ්ඩ.

*කුඹුක (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා - පැය 5ක්)
කුඹුක, ගෝනාපොල, කහතුඩුව සහ කිරිවත්තුඩුව.

*ඉංගිරිය (ප.ව. 4.00 සිට රාත්‍රී 9.00 දක්වා - පැය 5ක්)
ඉංගිරිය සහ නම්බපාන.

* පිළියන්දල (හෙට ප.ව. 4.00 සිට අනිද්දා (05 වෙනිදා) පෙ.ව. 8.00 දක්වා - පැය 16ක්)
පිළියන්දල, වේරහැර, මඩපාත, හොන්නන්තර, කැස්බෑව, පොල්ගස්ඕවිට, කහපොල, මොරටුව පාර කොස්පැලැන්න, ගංගාරාම පාර සහ නීලමහර.

මෙම ජල සැපයුම් අත්හිටුවීම හේතුවෙන් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව පිළිබඳ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කනගාටුව පළ කරන අතර, අදාළ කාලය තුළ ඉතා අරපිරිමැස්මෙන් ජලය පරිභෝජනය කරන ලෙස ඉල්ලා සිටී. 

වැඩිදුර තොරතුරු සඳහා 1939 අංකය අමතා විමසීම් කළ හැකි බව දැනුම් දී තිබේ.