පැසිෆික් මුහුදේ සුළිකුණාටුවේ බලපෑම ලංකාවටත් එල්ලවන ලකුණු

පැසිෆික් මුහුදේ සුළිකුණාටුවේ බලපෑම ලංකාවටත් එල්ලවන ලකුණු

August 3, 2026   04:27 pm

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (04) දිවා කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එහි අධ්‍යක්ෂ ජනරාල්  අජිත් විජේමාන්නගේ මහතා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

කෙසේවෙතත් මේ වනවිට පැසිෆික්  මුහුදේ ජපානයට පහළින් සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතින බවත් එම තත්ත්වය හේතුවෙන් හයවෙනිදා පසුව ද වැසි තත්ත්වය වැඩිවනු ඇති අපේක්ෂා කරන බවත් ඔහු කීය. 

ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමේ ප්‍රදේශවලට තරමක වැසි ඇති විය හැකිය. 

විශේෂයෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැඩි වශයෙන් වැසි අපේක්ෂා කරන බව අජිත් විජේමාන්නගේ මහතා පැවසීය.

"මේ කැලඹිලි ස්වභාවය හෙට (04) දවල් වෙනකොට ක්‍රමයෙන් අපෙන් පහව යයි කියලා බලාපොරොත්තු වෙනවා. කොහොම වුණත්, මේ වනවිට පැසිෆික් මුහුදේ ජපානයට පහළින් සුළිකුණාටුවක් පරිවර්තනය වෙමින් පවතිනවා. එම තත්ත්වය අපි බලාපොරොත්තු වෙනවා, හයවෙනිදා වෙනකොට නැවත සක්‍රියවීමත් එක්ක නැවතත්, අපි හරහා සුළං ධාරාව වේගවත් වෙලා නැවතත්, හයවෙනිදායින් පස්සේ නැවතත් දවස් කිහිපයක් වැසි ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම ප්‍රදේශයේ වැසි ඇති වෙන්න පුළුවන්."