පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවදානමක්
August 3, 2026 02:55 pm
මහවැලි ගඟේ ජල මට්ටම මේ වනවිට පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, අද (03)සවස කොත්මලේ ජලාශයේ ජල මට්ටම අද සවස 3ට වාන් දැමීමට නියමිත බවය.
ඒ අනුව මහවැලි ගංගාවේ ජල මට්ටමත් ඉහළ ගොස් ඇති බැවින් ඉහත ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.
උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්භාගේ කෝරළය සහ ගඟවට කෝරළයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ පවතින බවද සම්පත් කොටුවේගොඩ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මේ වනවිටත් අදාළ ප්‍රදේශ වෙත ත්‍රිවිධ හමුදාව, පොලීසිය යොමු කර ඇති අතර, දිසාපතිවරුන් ඇතුළු සියලු රජයේ නිලධාරීන් දැනුවත් කර ජනතාව ඉවත් කිරීමට උපදෙස් ලබාදී ඇතැයි ද ඒ මහතා පැවසීය.
යම් ආපදා තත්ත්වයක් ඇති වී තිබේ නම් ආපදා කළමනාකරණයේ 117 දුරකථනය අංකය ඔස්සේ දැනුම්දෙන ලෙසද සම්පත් කොටුවේගොඩ මහතා ජනතාවට දැනුම් දුන්නේය.
