කොත්මලේ ජලාශයේ වාන් දොරටු අද පස්වරු 3ට විවෘත කරයි
August 3, 2026 02:38 pm
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයට ඉහළ ජල පෝෂක ප්‍රදේශයට ඇද හැළෙන අධික වැසි හමුවේ ජලාශයේ ආරක්ෂාවට හා ජලාශවලට පහළ ඇති විය හැකි අධි ගංවතුර තත්ත්වය පාලනය කිරීම සඳහා ජලාශයේ වාන් දොරටු ක්‍රමානුකූලව විවෘත කරන බව මහවැලි අධිකාරිය පවසයි.
ඒ අනුව අද (03) පස්වරු 3 වන විට ජලාශයේ වාන් දෙරටු හා මඩ සොරොව්ව විවෘත කිරීම ආරම්භ කරන බවත් එමගින් තත්ත්පරයකට ඝන අඩි 250න පමණ සීඝ්‍රතාවයෙන් කොත්මලා ඔයට ජලය මුදා හැරීමට අපේක්ෂිතය.
මේ හේතුවෙන් කොත්මලේ වේල්ලෙන් පහළ කොත්මලා ඔයෙහි නුගවෙල, රිවර්සයිඩ්, මාවතුර ප්‍රදේශ හා මහවැලි ගඟේ උලපනේ ප්‍රදේශයේ සිට ගම්පොල, වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය, කටුගස්තොට, හා පොල්ගොල්ල දක්වා ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බැවින් ඒ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස එම අධිකාරිය සඳහන් කළේය.
