අයහපත් කාලගුණය ගැන විශේෂ සජීවි විකාශය
August 3, 2026 02:08 pm
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මේ වනවිට ප්‍රදේශ කිහිපයකට ගංවතුර සහ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් විශේෂ සජීවි විකාශය ඉහතින් නැරඹිය හැකිය.
----------
Update: 5.30PM
හැටන් පොල්පිටිය ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදහන් වී ඇති බව පොලීසිය පවසයි.
---------------
Update: 5.15PM
පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (04) දිවා කාලයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේවෙතත් මේ වනවිට පැසිෆික් මුහුදේ ජපානයට පහළින් සුළිකුණාටුවක් වර්ධනය වෙමින් පවතින බවත් එම තත්ත්වය හේතුවෙන් හයවෙදිනායින් පසුව නැවත වැසි තත්ත්වය වැඩිවනු ඇති අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා පවසයි.
--------------------
Update: 5.00PM
බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් හැටන් - කොළඹ ප්‍රදාන මාර්ගයේ ගිනිගත්හේන සිට හැටන් දක්වා කොටසේ ගිනිගත්හේන, දියගල, වටවල සහ කුයිල්වත්ත වැනි ප්‍රදේශවල ස්ථාන ගණනාවක පස්කඳු කඩා වැටි ඇති අතර එබැවින් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ.
---------------
Update: 4.40PM
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොත්මලේ ජලාශය මේවන විට වාන් දමමින් පවති.
Update: 4.20PM
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් කණ්ඩියක් කඩා වැටීමෙන් නාවලපිටිය සෝලන්කන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
65 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
----------
Update: 4.00PM
පවතින අයහත් කාලගුණ තත්ත්වයත් සමඟ අවශ්‍යතාව අනුව පීඩාවට පත් ජනතාව වෙනුවෙනු කටයුතු කිරීම සඳහා යුද හමුදාව සීරුවෙන් සිටින බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා මහතා පවසයි.
-----------
Update: 3.13PM
ඉදිරි පැය 24ක කාලය තුළ කැලණි ගඟ ආශ්‍රිතව මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
Update: 3.06PM
මහවැලි ගඟේ ජල මට්ටම මේ වනවිට පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසා සිටියේ, අද (03)සවස කොත්මලේ ජලාශයේ ජල මට්ටම අද සවස 3ට වාන් දැමීමට නියමිත බවය.
ඒ අනුව මහවැලි ගංගාවේ ජල මට්ටමත් ඉහළ ගොස් ඇති බැවින් ඉහත ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව ද සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය.
-----------------
මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ විභාග කටයුතු නැවත දැනුම්දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු වන බව සඳහන් වේ.
---------------
මහවැලි ගඟ ආශ්රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
---------------
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්යක්ෂවරයා සඳහන් කළේය.
---------------
කළු ගඟ ද්‍රෝණියට මේ වන විට ලැබී ඇති අධික වර්ෂාපතනය සහ වාරි මාර්ග දෙපාර්තමේන්තු ජල මාපක දත්ත විශ්ලේෂණය මත රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
---------------
පවතින අධික වර්ෂාපතනය හමුවේ මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී තිබේ.
