අග්‍ර ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසට දැනුම්දීමක්

අග්‍ර ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට විමසිලිමත්ව සිටින ලෙසට දැනුම්දීමක්

August 3, 2026   01:17 pm

ඇතිවූ අධික වැසි තත්ත්වය හේතුවෙන් අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම විවෘත කිරීමට සිදුව ඇති බැවින් අග්‍ර ඔයේ ජල මට්ටම වැඩි වීමක් සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ අඹේවෙල ජලාශයේ වාන් දොරටු දෙකම අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇතැයිද ඒ හේතුවෙන් අග්‍ර ඔය හරහා ඩයගම, ලිඳුල, ආගරපතන හා තලවකැලේ හරහා ඉහළ කොත්මලේ ජලාශයට ගලා බසින බවය.

මේ හේතුවෙන් අග්‍ර ඔයේ ජලයේ වැඩිවීමක් සිදුවිය හැකි බැවින් අග්‍රඔය දෙපස පහත් බිම්වල වෙසෙන ජනතාව ඒ පිළිබඳව විමසිලිමත්බවින් සිටින ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.