ඊජිප්තුවට භූකම්පනයක්

ඊජිප්තුවට භූකම්පනයක්

August 3, 2026   01:09 pm

ඊසානදිග ඊජිප්තුවේ ඉස්මයිලියා පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.

රිච්ටර් මාපාංක ඒකක 5.3ක ප්‍රබලත්වයකින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

භූකම්පනය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 5.47ක ගැඹුරකින් හටගෙන ඇති බව ද සඳහන්.

භූකම්පනය ඊජිප්තුවේ කයිරෝ අගනුවර ඇතුළු නගර කිහිපයකට දැනී ඇති අතර ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.