කැලණි ගංගා ද්‍රෝණියට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
August 3, 2026 11:51 am
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා පෙරේදා දින ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන අදියර 01 යටතේ නිකුත් කර තිබුණි.
එම නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, අදාළ නිවේදනය මෙම මස 05වන දින උදෑසන 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද, එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබයි.
මේ අතර එම ප්‍රදේශ හරහා ඇති අතුරු මාර්ගවලින් ගමන් ගන්නා රියදුරන්ද සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන්නැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.
