යෝෂිතට සහ කරන්නාගොඩට එරෙහිව අධිචෝදනා
August 3, 2026 11:32 am
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.
2006 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2007 වසරේ ජූනි මස 08 වනදා අතර කාලසීමාව තුළ ශ්‍රි ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් යෝෂිත රාජපක්ෂ නමැති විත්තිකරු අයුතු සහගත ලෙස බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal navy young officers course පාඨමාලාව සඳහා සහභාගී වීමට අවස්ථාව සලසා රජයට පාඩුවක් සිදු කරන ලදැයි චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසත්ත කරන්නාගොඩට එරෙහිව චෝදනා ඉදිරිපත් කර ඇත.
එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා සංඛ්‍යාව 08කි.
මෙම අධිචෝදනා පත්‍ර මේ වන විට කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන අතර එම චෝදනා භාරදීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතය.
