'හරක් කටාගේ' ඇප ඉල්ලීමේ නියෝගය කල්යයි
August 3, 2026 11:26 am
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී පලායාමට කුමන්ත්රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක වික්රමරත්න හෙවත් 'හරක් කටා' ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට එරෙහිව ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට ඉකුත් දා ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දැනුම්දී තිබේ.
එම නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.
ඉන් අනතුරුව ඇප ඉල්ලීම සළකාබලා ඇති අතර මෙම සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අගෝස්තු මස 20 වනදා සිදුකරන බවත් මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.
මේ අතර මෙම සැකකරුවන්ට අදාළ ත්රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර තිබෙන බැවින් රැඳවුම් භාරයේ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පසුවන 'හරක් කටා' නමැති විත්තිකරු සුදුසු බන්ධනාගාරයක රඳවා තැබීමට නියම කරන බවත් මිනිසුරුවරයා නියෝග කර ඇත.
