අරණායක සමුපකාරයේ කාරක සභා මැතිවරණයෙන් ඒකාබද්ධ විපක්ෂයට විශිෂ්ට ජයක්
August 3, 2026 10:52 am
සීමා සහිත අරණායක විවිධ සේවා සමුපකාර සමිතියේ 2026 වසර සඳහා පැවති කාරක සභා මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විශිෂ්ට ජයග්රහණයක් හිමිකරගෙන තිබේ.
නිල ප්රතිඵල අනුව, කාරක සභාවේ ආසන 33 අතරින් ඒකාබද්ධ විපක්ෂය ආසන 29ක් දිනාගෙන ඇති අතර, ජාතික ජන බලවේගය දිනාගෙන ඇත්තේ ආසන 4ක් පමණි.
ඒ අනුව, සමස්ත කාරක සභා නියෝජනයෙන් ඒකාබද්ධ විපක්ෂය ආසන 84%ක් සහ ජාතික ජන බලවේගය ආසන 16%ක් හිමිකරගෙන ඇත.
මෙම ජයග්රහණයත් සමඟ අරණායක සමුපකාර සමිතියේ ඉදිරි පාලන කටයුතු සඳහා ඒකාබද්ධ විපක්ෂයට බහුතර බලයක් හිමිවී තිබේ.
