තවත් බහාලුමක් වෙරළට ගොඩගසයි

තවත් බහාලුමක් වෙරළට ගොඩගසයි

August 3, 2026   10:25 am

රත්ගම පොලිස් වසමේ ඕවකන්ද හන්දිය ආසන්න වෙරළ තීර⁣යට අද (03) උදෑසන බහාලුමක් ගොඩගසා තිබේ.

අදාළ බහාලුම සුදු පැහැයට හුරු අඩි 40 ක් පමණ දිග බහාලුමක් බව රත්ගම පොලීසිය සඳහන් ක⁣රයි.

මෙය නැවකින් පෙරළුණු බහාලුමක් බවට පොලීසිය සැක පළකරයි.

මේ අතර ඊයේ (02) ඉඳුරුව ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක් පිටුපස වෙරළ තීරයට සුදු පැහැයට හුරු බහාලුමක් ගොඩගසා තිබුණි.

ඊයේ පෙරවරුවේ මෙලෙස ගොඩගසා ඇති මෙම බහාලුම පෙරේදා දින කොළඹට ආසන්න මුහුදු තීරයේදී නෞකාවකින් මුහුදට පෙරළීගිය හිස් කන්ටේනරයක් බවට මේ වන විට සැකපළ කෙරේ.