මහර බන්ධනාගාර අධිකාරීවරයා රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කළ ඉල්ලීම

මහර බන්ධනාගාර අධිකාරීවරයා රැඳවියන්ගේ ඥාතීන්ගෙන් කළ ඉල්ලීම

August 2, 2026   06:10 pm

මහර බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගර වෙත මරුකර යැවු රැඳවියන් 104 දෙනා එම බන්ධනාගරය තුළ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය සම්බන්ධයෙන් සැකකරුවන්වන බව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති මහතා පවසයි.

මාධ්‍ය වෙත විශේෂ දැනුම්දීමක් සිදුකරමින් ඒ මහතා පැවසුවේ මෙලෙස වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යැවූ රැඳවියන්ගේ නාම ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවය.

එමෙන්ම එළැඹෙන බ්‍රහස්පතින්දා දක්වා මහර බන්ධනාගාරයේ රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම ද සිදුනොවන බව ඒ මහතා පැවසීය.

මේ වන විට මහර බන්ධනාගරයේ සිටින රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් බියක් ඇති නොකර ගන්නා ලෙස ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඒ මහතා ඉල්ලා සිටියි.