හක් බෙල්ලන් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 

හක් බෙල්ලන් තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට 

August 1, 2026   10:40 pm

නීතිවිරෝධි ලෙස හක් බෙල්ලන් තොගයක් නිවාස දෙකක ගබඩා කරගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

ඒ, නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදීය.

ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ සැකකටයුතු නිවාස දෙකක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහිදී, එම නිවාස තුල ගබඩා කර තිබූ, වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් සහිත උර 46ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 35 ක් සහ 54 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

එම සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.