රත්මලාන වෙඩි තැබීමෙන් අයෙකු මරුට
August 1, 2026 05:11 pm
UPDATE - රත්මලාන ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රත්මලාන ප්රදේශයේ පදිංචි අවුරුදු 57ක පුද්ගලයෙකි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
-----------------------
රත්මලාන කඳවල පාර ප්රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්රහාරය එල්ල වී ඇත්තේ ත්රිරෝද රථයක සිටි පුද්ගලයෙකුටය.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
