රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්
August 1, 2026 11:59 am
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබේ.
සමාජ මාධ්‍ය සටහනක් තබමින් ජනාධිතිවරයා පවසා ඇත්තේ,
"පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ
ඔබේ රන් පදක්කම
අපට සැබෑ කරවන්නේ
රට දකින ස්වර්ණමය සිහිනයයි"
රුමේෂ් තරංග
ඔබට සුබ පැතුම්! යනුවෙනි.
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් අද (01) අවසන් වූ මෙම තරගයෙන් මීටර් 89.75ක දක්ෂතාවක් දක්වා රුමේෂ් සිය රන් පදක්කම දිනාගත්තේය.
