මාළු අල්ලන්න ගිය පුද්ගලයා සද්ධන්තයාට බිලිවෙයි
August 1, 2026 10:31 am
දඹගල්ල, කුඩාඔය ප්රදේශයේදී වන අලියෙකු සිදු කළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ බදුලුවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ ඉඟිනියාගල වැවෙහි මාළු ඇල්ලීමට ගොස් පැමිණෙමින් සිටියදී මෙලෙස වන අලි ප්රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
දඹගල්ල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
