වතු කම්කරුවන් පිරිසකට බඹර ප්රහාරයක් - අයෙකු මරුට
July 31, 2026 02:26 pm
ලිදුල ප්රදේශයේ තේ වත්තක වැඩකරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (31) බඹර ප්රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්රහාරයෙන් 61 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 5දෙනෙකු ලිදුල ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත.
කෙසේ නමුත් රෝහල්ගතකළ සෙසු පිරිසෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ අය නුවරඑළිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.
