සමාජ මාධ්‍ය ඔස්සේ ජනපති සහ රජය විවේචනය කළ පොලිස් නිලධාරියාට වැඩවරදී
July 31, 2026 12:33 pm
ජනාධිපතිවරයා සහ රජය අපහසුතාවට පත්වන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර සිදුකළ බවට සැක කෙරෙන පොලිස් නිලධාරියෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ නිලධාරියා අද (31) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ පරිගණක විමර්ශන අංශය විසින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ බව කියන ප්‍රචාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳ විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී තිබූ බව පොලීසිය සඳහන් කරයි.
විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයට අනියුක්තව සේවය කළ අයෙකි.
සැකකාර පොලිස් නිලධාරියා අද (31) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදුකරයි.
