රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට

රුමේෂ් හෙල්ල විසිකිරීම අවසන් තරගයට

July 30, 2026   04:50 pm

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙන් ශ්‍රී ලංකාවට ඉහළ බලාපොරොත්තුවක් එක් කරමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග අද (30) සමත් විය.

මූලික තරගයට සහභාගි වූ රුමේෂ් තරංග, මීටර 82.84ක දුරක් සටහන් කරමින් එහි ප්‍රථම ස්ථානය දිනාගනිමින් මෙලෙස අවසන් තරගයට සුදුසුකම් ලබා ඇත. 

මෙම ඉසව්වේ විශේෂත්වය වූයේ ඔලිම්පික් රන් පදක්කම් ලාභීන් දෙපළක් වන ඉන්දියාවේ නීරාජ් චොප්රා සහ පාකිස්තානයේ අර්ෂාද් නදීම් සුපුරුදු පරිදි අභිබවා යමින් රුමේෂ් පෙරමුණ අත්පත් කරගැනීමය. 

එහිදී ඉන්දියාවේ නීරාජ් චොප්රා මීටර 79.61ක දක්ෂතාවක් දක්වමින් 5 වැනි ස්ථානයත්, පාකිස්තානයේ අර්ෂාද් නදීම් මීටර 78.63ක දක්ෂතාවක් දක්වමින් 7 වැනි ස්ථානයත් දිනාගත්හ.

අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 12 දෙනා අතරට පිවිසි සෙසු ක්‍රීඩකයන් අතරට ඉන්දියාවේ රෝහිට් යාදව් (මීටර 78.37 - 9 වැනි ස්ථානය) සහ යෂ් වීර් සිං (මීටර 78.36) යන ක්‍රීඩකයින් ද ඇතුළත්ව සිටිති.