විශ්රාමයාමට නියමිත යුද හමුදාපති හා නාවික හමුදාපති අතර හමුවක්
July 30, 2026 01:40 pm
ශ්රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්රිගෝ සිය විශිෂ්ට සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්රාම ගැනීමට පෙර, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්රනාන්දු අතර නිල හමුවක් අද (30) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
නාවික හමුදා මූලස්ථානයට පැමිණි යුද්ධ හමුදාපති වෙත මෙරට නාවික හමුදාවේ අභිමානය පිළිබිඹු කරමින් සම්ප්රදායානුකූලව උත්තමාචාර පිරිනමා නාවික හමුදා මූලස්ථානය වෙත පිළිගැනීම සිදුකෙරිණි.
අනතුරුව, මෙම නිල හමුවේදී, නාවික හමුදාපති විසින් විශ්රාම යන යුද්ධ හමුදාපතිගේ කැපී පෙනෙන සේවය අගය කළ අතර, යුද හා නාවික හමුදා අතර සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා ඔහු දැක්වූ ආදර්ශමත් නායකත්වය විශේෂයෙන් ඇගයිමට ලක්කර තිබේ.
තවද, මෙම නිල හමුව සංකේතවත් කරමින්, දෙපාර්ශ්වය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.
