භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
July 30, 2026 01:03 pm
භෞත චිකිත්සකවරිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ සහ සැකකරුට සහයෝගය දුන් දෙදෙනා ඇතුලු සිව් දෙනා යළි අගෝස්තු තුන්වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ ඊට අදාළ නඩුව අද (30) නුවරඑළිය මහේස්ත්‍රාත් පුෂ්පිකා ජයදාස මහත්මිය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
නාරම්මල ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු, සැකකරුගේ බිරිඳ, ඝාතනයට සහයෝගය ලබා දුන් කුණඩසාලේ ප්‍රාදේශීය සභාවේ රියදුරු සහ කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් පරික්ෂක යන අය මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.
