තරුණයින් දෙදෙනෙකුට මරු කැඳවූ කන්ටේනර් අනතුර
July 30, 2026 12:37 pm
කටාන, දාගොන්න ප්‍රදේශයේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් අසළදී සිදු වූ අනතුරකින් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.
අද (30) අලුමය 1.45ට පමණ බහාලුම් ප්‍රවාහනය කරන කන්ටේනර් රථයක යතුරුපැදියක් ගැටී යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
අනතුර හේතුවෙන් කුපිත වූ ප්‍රදේශවාසීන් අනතුරට හේතු වූ කන්ටේනර් රථයට ගිනිතබා ඇත.
පසුව කටාන පොලිස් ස්ථානයේ නිලධාරින් හා මීගමුව නගර සභාවේ ගිණි නිවිමේ ඒකකයේ නිලධාරින් පැමිණ ගිනි ගැනීමට ලක්වූ කන්ටේනර් රථයේ ගින්න නිවාදමා ඇති අතර කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයින් පාලනය කර ඇත.
මියගිය තරුණයින්ගේ මෘත දේහ මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර කන්ටේනර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
