එක්සත් ජනපද දූත පිරිසක් සහ සජිත් අතර හමුවක්
July 30, 2026 12:05 pm
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සහ මන්ත්‍රී මණ්ඩල බුද්ධි කමිටුවේ සාමාජික ක්‍රිසි හවුලාහන් මහත්මිය සහ ඇයගේ දූත පිරිස කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී හමුවී තිබේ.
මෙම හමුවේ දී ආර්ථික සහයෝගීතාව, පාලනය, අධ්‍යාපනය සහ කලාපීය ස්ථාවරත්වය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ දිගුකාලීන සංවර්ධනයට සහාය වීම සඳහා අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමෙරිකානු එක්සත් ජනපද දූත පිරිස හමුවේ අවධාරණය කළේය.
මේ අතර, දෙරට අතර දිගුකාලීන හවුල්කාරිත්වය පිළිබිඹු කරමින් පසුගිය කාලයේ අමෙරිකා එක්සත් ජනපදය මෙරටට ලබාදුන් අඛණ්ඩ සහයෝගය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා සිය කෘතඥතාව පළ කළේය.
