නාමල් ඇතුළු පිරිසකට එරෙහිව පැමිණිල්ල කැඳවීමට දින දෙයි
July 30, 2026 10:09 am
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ලක් ලබන ඔක්තෝබර් මස 29 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
මෙම පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
ඉන් අනතුරුව විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 29 වෙනිදා ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.
