රජයට වරමක් ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවේ - විපක්ෂ නායක
July 29, 2026 03:40 pm
ජනාධිපතිවරයාට රටේ බලයට වරම හිමිවූයේ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මිස විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් වෙනස් කර විධායකය අධිකරණයට බලපෑම් කර අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගැනීමට නොවන බව විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ අනුව රටේ ක්රමයේ වෙනසක් ඇති කර ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමට බලය ලබාගත් ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා ප්රමුඛ රජය රට තුළ ඒකාධිපතීත්වය, ආඥාදායකත්වය, තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කිරීමට කළ හැකි සියලුම ක්‍රියාදාමයන් එනම්, ව්‍යවස්ථා සංශෝධනයක් පවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු පවසයි.
මේ වන විට අප රටේ ප්රජාතන්ත්රවාදය කෙෙලසන ප්රජාතන්ත්රවාදය විනාශ කරන අධිකරණය යන කුළුණ විනාශ කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ රජය කටයුතු කරන බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එහිදී ප්රජාතන්ත්රවාදය ස්ථාපිත වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන කුළුණු 3 මත බවත් මෙහි බලය බෙදීයාම සහ සංවරණ හා තුළණ ඇති බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හෝ අධිකරණ ඇමතිවරයාට නොතේරෙන්නේ නම් මොන්ටෙස්කු හි Sprit of law යන කොටස කියවා බලන ලෙස පැවසීය.
විධායකය ගරු අධිකරණයට අත පෙවීම නිසා ප්රජාතන්ත්රවාදය විනාශ වන බවත් මේ වන විට අධිකරණයේ ස්වාධීනත්වයට ජනතාව තුළ ගරු අධිකරණය ගැන ඇති විශ්වාසනීයත්වයට විනිසුරුවන්ගේ විශ්වාසනීයත්වයට හානිදායක වන ආකාරයට මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙනඒමට රජය කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
