තද සුළං පිළිබඳ කාලගුණයෙන් නිවේදනයක්
July 29, 2026 11:21 am
උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත් සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු - මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකිය.
