කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්

July 28, 2026   06:19 pm

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් මෙන්ම නාවල - නාරහේන්පිට දුම්රිය හරස් මාර්ගය වසා තැබීම සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ නාරහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල - නාරාහෙන්පිට පාර දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අතශවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය.

ඒ අනුව එළැඹෙන 01 වැනිදා උදෑසන 07.00 සිට ඉරිදා පස්වරු 8.00 දක්වා කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නුගේගොඩ දුම්රිය ස්ථානය අතර දුම්රිය ධාවනය සිදු නොවනු ඇත.

තවද එදින පස්වරුවේ සහ ඉරිදා දිනයේ උදෑසන කාලයේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන වේලාවන් පිළිබඳවද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දීමක්ද සිදුකර තිබේ.

එම නිවේදනය පහතින්,