සිඟිත්තියට මරු කැඳවූ ඔංචිල්ලා කණුව

සිඟිත්තියට මරු කැඳවූ ඔංචිල්ලා කණුව

July 28, 2026   05:31 pm

වවුනියාව,කුලවිසුඩ්ඩාන් ප්‍රදේශයේදී ඔංචිල්ලාවක් බැඳ තිබු කණුවක් හිස මතට කඩා වැටීම හේතුවෙන් මාස පහක දැරිවියක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව,කනගරායන්කුලම පොලීසිය පවසයි.

සාරියක් යොදාගෙන ගසක අත්තක හා කණුවක දෙකොන බැඳ තිබු ඔංචිල්ලාවක දැරිය සිය මව සමඟ හිඳගෙන සිටින අවස්ථාවක ඔංචිල්ලාව බැඳ තිබු කණුව ගැලවී දැරියගේ හිස මතට වැටී තිබේ.

අනතුරින් තුවාළ ලැබූ දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති නමුත් ඒ් වන විටත් දැරිය මියගොස් ඇති බව පොලීසිය පැවසූහ.

දැරියගේ මව විසින් කණුව වැටීම වැළැක්වීම සඳහා කකුලෙන් උත්සාහ කොට ඇති අතර,ඉන් දැරියගේ මවගේ පාදයකටද හානි සිදුව ඇති බව පොලීසිය පැවසූහ.

මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිත අතර,සිද්ධිය සම්බන්ධයෙන් කනගරායන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.