මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
July 28, 2026 01:14 pm
හොරණ, කොබවකවත්ත කළුගගේ මෝදර කොටසේ නීතිවිරෝධී ලෙස පවත්වා ගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මඟින් වටලා තිබේ.
එහිදී මැණික් ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීමේ දී බෝට්ටු 11ක්, මෝටර් 5ක් ඇතුළු මැණික් ගැරීම සඳහා භාවිතා කළ කෝටි 7ක් වටිනා උපකරණ තොගයක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය භාරයට ගෙන තිබේ.
