සලේගේ පෙත්සම අද යළි කැඳවයි

සලේගේ පෙත්සම අද යළි කැඳවයි

July 28, 2026   05:45 am

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියේ විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ අද (28) දින යළි කැඳවීමට නියමිතය.

අභියාචනාධිකරණය එම නියෝගය ලබාදී තිබුණේ ඊයේ (27) පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.

එහිදී,  පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළාය.

ඒ අනුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ පෙත්සම අද යළි කැඳවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.

ඒ අනුව, පෙත්සම විභාගයට ගන්නා ස්ථිර දිනය අද දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.