ප්‍රංශය සහ ස්පාඤ්ඤය දවන ලැව්ගිනි

ප්‍රංශය සහ ස්පාඤ්ඤය දවන ලැව්ගිනි

July 27, 2026   09:54 pm

ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ වනාන්තරවල පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, ප්‍රංශයේ  'Bordeaux' නගරය අවට ප්‍රදේශවලට උණුසුම් කාලගුණයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රංශයේ ගිරොන්ඩ් 'Gironde' කලාපය මුල් කරගනිමින් සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරය අසල ප්‍රදේශවල පැතිර යන මෙම දරුණු ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 325,000 කට අධික පිරිසකට සිය නිවෙස් අත්හැර යාමට සිදුව තිබේ.

ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගිනි හේතුවෙන් ස්වභාවික සුළං මවන සහ තවත් ගිනි පුපුරු ඇති කළ හැකි යෝධ ගිනි වලාකුළක් (Pyrocumulonimbus) නිර්මාණය වී  ඇති බව සඳහන් වේ.

ස්පාඤ්ඤයේ  ද අදාළ ප්‍රදේශවලින් පුද්ගලයන් 75,000 ක් පමණ ඉවත් කර ඇති බව වාර්තා වේ.

මෙම ගින්න කිලෝමීටර් 280 ක වපසරියක හෙක්ටයාර් 77,000 ක පමණ ප්‍රදේශයක් පුරා පැතිර ගොස් තිබේ.

ස්පාඤ්ඤයේ ස්වභාවික උරුමයට සිදුවී ඇති හානිය "ගණන් කළ නොහැකි" තරම් බව විදෙස් පුවත් වාර්තා කරයි.

මෑතකදී ඇති වූ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයන් සහ වර්ෂාව නොමැතිකම හේතුවෙන් වනාන්තර වියළී යාම මෙම කාලගුණික තත්ත්වයන්ට මුලික හේතුව වී ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.