උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් 

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් 

July 27, 2026   05:49 pm

නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොනරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව, නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම  අවධානය යොමු කල යුතු මට්ටමක පැවතිය හැකි බව නිවේදනයේ සඳහන් වෙයි.