වැව් බැම්මක් මත තිබී මළ සිරුරක් හමුවෙයි
July 27, 2026 10:22 am
ගල්කිරියාගම, බළලු වැවේ වැව් බැම්ම මත තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 79ක් වූ ගාලදිවුල් වැව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කැකිරාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
ගල්කිරියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
