ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට

July 27, 2026   06:45 am

එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නැවැත්වීමෙන් පසු බොරතෙල් මිලෙහි අඩුවීමක් වාර්තා කර තිබේ.

ඒ අනුව ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ගණන් 5%කින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අනුව WTI බොරතෙල් බැරලයක මිල 5.21%කින් පහළ ගොස් ඇති අතර එහි මිල අමෙරිකානු ඩොලර් 84.66ක් ලෙස සටහන් වී තිබේ.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 4.92%කින් අඩුවී ඇති අතර එහි මිල ලෙස සටහන් වී ඇත්තේ අමෙරිකානු ඩොලර් 92.02කි.

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිල ගණන්ද 9.44%කින් පහළ ගොස් ඇති අතර ඒ අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 97.05ක් ලෙසද සටහන් වී තිබේ.