ජර්මනියේ රැළියකට මෝටර් රථයක් කඩා වදියි - අයෙක් මිය ගොස් 16කට තුවාල 

ජර්මනියේ රැළියකට මෝටර් රථයක් කඩා වදියි - අයෙක් මිය ගොස් 16කට තුවාල 

July 26, 2026   08:19 am

ජර්මනියේ, බර්ලින් අගනුවර පැවති රැළියකට මෝටර් රථයක් කඩාවැදීමෙන් සිදු අනතුරකින් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, තුවාල ලැබූ පිරිසෙන් ඇතැම් අයගේ තත්ත්වය බරපතළ බවය. 

සිය අයිතිවාසිකම් සමරිසි ප්‍රජාව විසින් බර්ලින්හි ටියර් ගාර්ටන්හි සංවිධාන කර තිබූ රැළියක මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය. 

ඉන් අනතුරුව ආරක්ෂක හේතුවක් මත එම ස්ථානයේ පැවැත්වීමට තිබූ උත්සව කටයුතු වහාම නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.