බෙල්ලන්විල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට
July 25, 2026 08:33 pm
UPDATE - බෙල්ලන්විල ප්‍රදේශයේ අද (25) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.
එහිදී ඔහු දැඩි සත්කාර ඒකකට ඇතුළත් කර තිබූ අතර එහිදී තුවාලකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළේය.
-----------------------------
බෙල්ලන්විල ප්‍රදේශයේදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් අයෙකු තුවාල ලබා ඇති බවත් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේ අවන්හල් හිමියෙකු බවද පොලීසිය සඳහන් කළේය.
