අමෙරිකාවේ ගිනිබත් වූ නිවසකින් මළසිරුරු 8ක් හමුවෙයි
July 25, 2026 04:06 pm
අමෙරිකාවේ මිචිගන් ප්රාන්තයේ ගින්නකින් විනාශ වූ නිවසක තිබී ළමුන් 6දෙනෙකු ඇතුළු පුද්ගලයින් 8දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.
අදාළ නිවසේ ගින්නක් හටගෙන ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය සහ ගිනි නිවන භටයින් එම ස්ථානයට පැමිණ සිදුකළ පරීක්ෂාවේ දී නිවස තුළ තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඇතැම් මළ සිරුරුවල වෙඩි වැදීම් සලකුණු ද නිරීක්ෂණය වන බව එරට පොලිසිය සඳහන් කර ඇත.
කෙසේවෙතත් මෙය ඝාතනයක් ද සියදිවි නසා ගැනීමක් ද යන්න පිළිබඳ තොරතුරු මේ වන තෙක් අනාවරණය වී නොමැත.
