නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් හෙට විනාශ කෙරේ

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් හෙට විනාශ කෙරේ

July 24, 2026   04:39 pm

නඩු කටයුතු අවසන් වූ හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය තොගයක් හෙට (25) විනාශ කිරීමට නියමිතව තිබේ.

ඒ පුත්තලම වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුනේදීය.

මෙලෙස දහනය කරනු ලබන්නේ මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු අවසන් වූ හෙරොයින් කිලෝ 99 ග්‍රෑම් 478ක් සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයේ ඇති නඩු කටයුතු අවසන් වූ දිවයිනේ විවිධ අධිකරණ මගින් විනාශ කිරීමට නියෝග කළ මත්ද්‍රව්‍ය තොගයකි.

පොලිසිය පැවසුවේ මෙම මත්ද්‍රව්‍ය තොගය හෙට පෙරවරුවේ මාරවිල අධිකරණ සංකීර්ණයෙන් පිටතට ගෙන ගොස් වනාතවිල්ලුව දහන උඳුනේදී විනාශ කිරීමට කටයුතු කරන බවය.