දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට

දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු දුෂණ චෝදනා මත අත්අඩංගුවට

July 24, 2026   04:00 pm

දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  

2019 වර්ෂයේදී දකුණු පළාත් සභා මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ වෙන් කෙරුණු රුපියල් මිලියන 16.5ක මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම යන චෝදනාව යටතේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මඟින් පළාතේ පොදු ස්වේච්ඡා සමිති සඳහා පුටු ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇති අතර එම පුටු මිලදී ගැනීමේදී නියමිත රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රම වේදයෙන් බැහැරව නිෂ්පාදිත ආයතනයක් තෝරාගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම මඟින් රජයට පාඩුවක් සිදු කිරීම යන දුෂණ චෝදනාව මොහුට එල්ල වී තිබේ.

අත්අඩංගුවට ගත් හිටපු ප්‍රධාන ලේකම්වරයා ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.