සමාජ මාධ්‍ය භාවිතයේ දී ළමුන්ට සීමා පැනවීමට වියට්නාමයෙන් සැලසුම්

සමාජ මාධ්‍ය භාවිතයේ දී ළමුන්ට සීමා පැනවීමට වියට්නාමයෙන් සැලසුම්

July 24, 2026   03:39 pm

වයස අවුරුදු 16ට අඩු ළමුන් සදහා සමාජ මාධ්‍ය භාවිතයට සීමා පැනවීම සඳහා වියට්නාම රජය සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කිරීම, ප්‍රතිචාර දැක්වීම ආදිය ඔවුන්ට තහනම් කිරීමට වියට්නාම රජය සැලසුම් කර ඇත.

යෝජිත නීතිරීතිවලට අනුව දෙමාපියෙකුගේ හෝ නිසි භාරකරුවෙකුගේ තොරතුරු ඇතුළත් කිරීමෙන් පමණක් වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් ලියාපදිංචි කිරීම සිදුකළ හැකි බව සදහන් වේ.

බාල වයස්කරුවන් සමාජ මාධ්‍ය භාවිතයට යොමුවීම වැළැක්වීමට මේ වන විට ලොවපුරා රටවල් රැසක් විවිධ සීමා පනවා තිබේ.