header logo
SLIC
උණුසුම් පුවත්
ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියඇල්ලකින් වැටී මරුට
Jul 22, 202608:25 PM
ඡායාරූප ගැනීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියඇල්ලකින් වැටී මරුට
EDEX

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 13 සහ 15 යන වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකු බව පැවසේ.

පොලිසිය සඳහන් කරන පරිදි, පාසල් වේලාව අවසන් වීමෙන් අනතුරුව සිසුන් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම දියඇල්ල නැරඹීම සඳහා ගොස් තිබේ.

එහිදී ඔවුන් ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරිමේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
Lassana Flora
Spotlight