header logo
SLIC
උණුසුම් පුවත්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම
Jul 22, 202603:53 PM
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම
EDEX

පිහියකින් බෙල්ල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි රජයේ රෝහලක සෞඛ්‍ය සහායක සේවකයෙකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ඉන්දික අත්තනායක මහතා විසින් අද (22) මරණීය දණ්ඩනය නියම කරන ලදී.

මනුෂ්‍ය ඝාතනයක් සිදු කළ බවට විත්තිකරුට එරෙහිව පැමිණිලි පාර්ශ්වය එල්ල කොට ඇති චෝදනාව සාධාරණ සැකයෙකින් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

ඒ අනුව, ජනාධිපතිවරයා නියම කරනු ලබන දිනයක සහ වේලාවක බන්ධනාගාරයක් තුළදී විත්තිකරුගේ ප්‍රාණය නිරුද්ධ වන තෙක් බොටුවෙන් වැළලා තබන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ එප්පාවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඩබ්.ඩී. දේවානන්ද නමැති රජයේ රෝහලක සේවය කළ සෞඛ්‍ය සහායක සේවකයෙකුටය.

2014 වසරේ මැයි මස 24 වන දින හෝ ඊට ආසන්න දිනයකදී එප්පාවල අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි බී. මහින්ද කුමාර නොහොත් 'බෙලිගල' යන අයගේ මරණය සිදුකළ බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වන වගන්තිය ප්‍රකාරව නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති ලඝු නොවන මූලික විභාගයෙන් අනතුරුව වැඩිදුර විභාගය සඳහා නඩුව අනුරාධපුර මහාධිකරණය වෙත යොමු කර තිබුණි.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ අධිනීතිඥ යොමාලි නාගොඩ විතාන මෙනෙවිය පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා පෙනී සිටියේය.

එප්පාවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ. එස්. අබේසේකර මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (61421) විජේරත්න මහතා විමර්ශන ලේඛන අධිකරණයට ඉදිරිපත් කළ අතර, අනුරාධපුර මහාධිකරණයේ නඩු සම්බන්ධීකරණ නිලධාරී උප පොලිස් පරීක්ෂක ධර්මදාස වඩිමුණ මහතා පොලිස් සම්බන්ධීකරණ කටයුතු සිදු කළේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ එවකට අධිකරණ වෛද්‍ය නිලධාරි එච්.ඒ. කරුණාතිලක මහතා ඇතුළු පිරිසක් මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටියහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට