නාවික හමුදාපති හා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර හමුවක්
July 22, 2026 03:36 pm
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් එම් ආනන්ද් (M Anand) අද(22) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු හමුවිය.
මෙම නිල හමුවේදී, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක විසින් 27 වන නාවික හමුදාධිපති වශයෙන් වැඩ භාරගත් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වෙත සිය සුභාශිංසන පිරිනැමීමෙන් අනතුරුව, දෙරටේ නාවික හමුදා අතර ඇති සහයෝගීත්වය ඇතුළු ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කර තිබේ.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකර ඇත.
