රු කෝටි 2කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් මාට්ටු

රු කෝටි 2කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් මාට්ටු

July 22, 2026   05:39 am

කෝටි දෙකකට අධික මුදලක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය කටයුතු කර තිබේ.

ඊයේ (21) සවස කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පාර්ක් වීදිය ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් උපයාගන්නා ලද ආකාරය තහවුරු කිරීමට නොහැකි වූ රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක මුදලක් සන්තකයේ තබාගෙන කාර් රථයකින් ගමන් කරමින් සිටියදී මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අවුරුදු 54 හා 59 වයස්වල පසුවන කොළඹ 13 හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ව ෙේ වනවිට කොම්පඤ්ඤවීදිය පොලිස්  ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් මෙම මුදල් නීතිවිරෝධී ආකාරයෙන් උපයාගන්නා ලද මුදල් ද යන්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.