තුර්කි තානාපති සහ දිලිත් අතර හමුවක්

තුර්කි තානාපති සහ දිලිත් අතර හමුවක්

July 21, 2026   05:09 pm

ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් (Semih Lutfu Turgut) මහතාගේ විශේෂ ආරාධනයකට අනුව, සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කොළඹ පිහිටි තුර්කි තානාපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවකට එක්ව තිබේ.

මෙම හමුවේදී වර්තමාන ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය, කලාපීය හා ගෝලීය වර්ධනයන් මෙන්ම ශ්‍රී ලංකාව සහ තුර්කි ජනරජය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්ව රාජ්‍යයක් බවට පත්කිරීමේ දැක්ම සාර්ථක කරගැනීම උදෙසා තුර්කි ජනරජයෙන් ලබාගත හැකි සහයෝගය පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.

දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංවර්ධන සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීම සම්බන්ධයෙන්ද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.

මෙම අවස්ථාවට 'සර්වජන බලය' මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා ද සහභාගි වී සිටියේය.