ඉන්දියාවේ විදුලි බලාගාරයක් ආශ්‍රිත උමගක පිපිරීමක් - 10ක් මරුට

ඉන්දියාවේ විදුලි බලාගාරයක් ආශ්‍රිත උමගක පිපිරීමක් - 10ක් මරුට

July 21, 2026   03:51 pm

ඉන්දියාවේ විදුලි බලාගාරයක් ආශ්‍රිත උමගක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ පිපිරීමට හසු වූ තවත් පුද්ගලයින් 15 දෙනෙකු උමග තුළ සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විට ආරම්භ කර තිබේ.

ගෑස් කාන්දුවක් හේතුවෙන් අදාළ පිපිරීම සිදුව ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.