ප්‍රංශයේ අවුරුදු 15ට අඩු අයට සමාජ මාධ්‍ය තහනම් කරන්න පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය
July 21, 2026 02:13 pm
ප්‍රංශයේ වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය (Social Media) භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතකට එරට පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය හිමිව තිබේ.
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් මහතාට අවශ්‍ය වී ඇත්තේ ලබන සැප්තැම්බර් මාසයේදී පාසල් වාරය ආරම්භ වන වීටම ප්‍රථම මෙම තහනම ක්‍රියාත්මක කිරීමටයි.
මීට පෙර ඔස්ට්‍රේලියාව ද වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ෆේස්බුක්, ටික්ටොක්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරමින් ලොව පළමු වරට මෙවැනි නීතියක් ගෙන එනු ලැබීය.
